Empty Ad
AFC Banner
Empty Ad

දේශබන්දුව හොයන විමර්ශන කටයුතු ගැන පොලිසියෙන් නිවේදනයක් – සෙසු සැකකරුවන්ව අත්අඩංගුවට නොගන්නැයි නියෝග

වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකරුවන් වශයෙන් නම්කර සිටින ධුරයේ වැඩ අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ තවත් සැකකරුවන් හය දෙනෙකු සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ දී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව එහි සඳහන්.

ඒ, අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසටත් නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?