Empty Ad
AFC Banner
Empty Ad

ලොව පළමු කෘත්‍රීම හදවත් බද්ධ කිරීමට ලක් වූ පුද්ගලයා රෝහලෙන් පිටව යයි

පසුගිය නොවැම්බර් මාසයේ දී ලොව පළමු වරට කෘත්‍රීම හදවතක් බද්ධ කරමින් දින 100කට ආසන්න කාලයක් රෝහල්ගත ව ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු එම රෝහලෙන් මනා සෞඛ්‍යයෙන් යුතුව පිටව ගොස් තිබෙනවා.

‘ද ගාර්ඩියන්’ පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ මෙම හදවත් සැත්කමට භාජනය වී ඇත්තේ 40 හැවිරිදි වියෙහි පසු වූ පුද්ගලයෙකු බවයි.

ටයිටේනියම් යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම කෘත්‍රීම හදවත ඔස්ට්‍රෙලියානු වෛද්‍ය විද්‍යාඥයෙකු වන ඩැනියල් ටිම් විසින් සකසනු ලැබුවා.

මෙම විශිෂ්ට සැත්කම සිදු කර ඇත්තේ ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝහලක වෛද්‍යවරු කණ්ඩායමක්.

හෘදයාබාධයකින් දීර්ඝ කාලයක සිට පෙළුණු මෙම රෝගියා හට සම්පූර්ණ ලෙස බාහිර ව නිර්මාණය කළ කෘත්‍රීම හදවතක් පළමු වරට බද්ධ කර ඇති අතර එලෙස බද්ධ කළ හදවතත් සමග සුව වී රෝහලකින් පිටව ගිය පළමු පුද්ගලයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.

ක්වීන්ස්ලන්තයේ උපන් මෙම අතිදක්ෂ වෛද්‍ය විද්‍යාඥයා වන ඩැනියෙල් ටිම්ස් විසින් මනුෂ්‍ය සංහතියේ පැවැත්ම උදෙසා සොයා ගන්නා ලද ‘බයිවකෝ’ (BiVACOR) ලෙසින් නම් කළ සම්පූර්ණ කෘත්‍රීම හදවත, මිනිස් හදවතක් සඳහා පූර්ණ ආදේශකයක් ලෙස ක්‍රියා කළ හැකි ලොව පළමු බද්ධ කළ හැකි භ්‍රමණ රුධිර පොම්ප උපකරණ ලෙස ද හැඳින්වෙනවා.

පරිත්‍යාගශීලීන්ගේ හදවත් ලැබෙන තෙක් මෙම කෘත්‍රීම හදවත් උපකරණය භාවිත කළ හැකි බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙම සැත්කමට භාජනය වී වැඩිම කලක් ජීවත් ව සිටි පුද්ගලයා ලෙසට ද ඔස්ට්‍රෙලියානු ජාතිකයා ඉතිහාසගත වනවා.

තව ද ලොව පූර්ණ කෘත්‍රීම හදවතක් බද්ධ කළ ලොව සයවැනියා බවටත්, එම හදවතක් ලබාගත් පළමු ඔස්ට්‍රෙලියානු ජාතිකයා ලෙසටත් මෙම පුද්ගලයා ඉතිහාසගත වන බවයි වාර්තා වන්නේ.

මිනිස් නිරෝගී හදවතක ස්වාභාවික රුධිර ප්‍රවාහය අනුකරණය කිරීම සඳහා චුම්භක ලෙවිටේෂන් තාක්ෂණය භාවිතා කරන බව ද සිඩ්නි වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02
Video thumbnail
ඊයේ රෑ පොලිසිය කටුනායක පීරයි - AIR PORT එකේ මිනිස්සුත් හොල්මන් කළ සිදුවීම
00:59
Video thumbnail
ඊයේ රෑ පොලිසිය කටුනායක පීරයි - AIR PORT එකේ මිනිස්සුත් හොල්මන් කළ සිදුවීම
03:44
Video thumbnail
ලාල් කාන්ත අරක්කු කියන්නේ ආහාරයක්ද ? අනුන්ගේ යට ඇදුම් අඳින අය ඔහොම තමයි
06:21
Video thumbnail
සුපිරි ජනතා නියෝජිතයෝ - චතුරංග බැහැලම වැඩ
08:26
Video thumbnail
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව දැඩි කෙරේ
09:09
Video thumbnail
මහා වීදියේ 'සිටි ප්ලාසා' සම්පූර්ණයෙන්ම ගිනි ගනීයි
01:21
Video thumbnail
BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - ධර්ම දේශනය
01:13:55
Video thumbnail
වියත්පුර නිවාස ගත්තු ගාමිණි ෆයර් වෙයි - අපි රජයට කිසිම අලාභයක් කළේ නෑ
03:41

?