Empty Ad
AFC Banner
Empty Ad

වායු දූෂණය කරන මෝටර් රථ මහමග දී අල්ලයි (වීඩියෝ)

අවට පරිසරයට අධික ලෙස දුම් මුදා හරින රථ වාහන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මේ දිනවල (13) ක්‍රියාත්මක වනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනින් ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක් ව මෙම මෙහෙයුම් සිදු කරන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මහා මාර්ගයේ ධාවනය වන රථවාහන නවතා මෙම පරීක්ෂාව දිවයින පුරා සිදු කෙරෙනවා.

මෝටර් රථ නවත්වා වායු විමෝචන පරීක්ෂණ සිදු කිරීම මෙහි ප්‍රධාන කාර්‍යයයි.

ඊයේ (12) දහවල් ද පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක් ව හයිලෙවල් මාර්ග කොටසේ මෙම පරීක්ෂාව සිදු කළා.

එම දුම් පරීක්‍ෂණවලින් අසමත් වන රථ වාහන සඳහා දඩ නියම කිරීමක් සිදු නොකළ ද, දින 07ක කාලයක දී එම වාහන නඩත්තු කර නැවත වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශාඛාවට පෙන්වීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ රජයේ වාහන ද පරීක්ෂාවට භාජනය කිරීම යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
10
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවසකට විනාඩි 2ක් හරි බාවනා කරලා ලෝකයටම ආදරය පතුරවන්න
06:27
Video thumbnail
සිතට ඕන ඕන විදියට නටන්න දෙන්න එපා - සිරකරුවන් Motivation කළ දේශනාව
05:07
Video thumbnail
ගාල්ල වෙ# තැබීමේ සජීවී දර්ශන - නිවස ඉදිරිපිට වෙ# තැබීම සිදුවූ හැටි මෙන්න
05:18
Video thumbnail
ජනප්‍රිය වෙන්නේ මිනිස්සු ප්‍රිය කරන චරිතයක් වුණාම
02:05
Video thumbnail
මඟීන් සමඟ ප්‍රාණ ඇපයට ගත් පාකිස්ථානයේ දුම්රිය බේරාගත් සම්පුර්ණ මෙහෙයුම
03:51
Video thumbnail
ඇයි ඔබට බැරි නිවැරදි මනුස්සයෙක් වෙන්න ?
03:27
Video thumbnail
දේශබන්දු මගේ ගෙදර නෑ - මම ඒ වගේ බාල වැඩ කරන්නේ නෑ
04:43
Video thumbnail
BREAKING NEWS 🔴
01:20
Video thumbnail
BREAKING NEWS 🔴එකම ප්‍රදේශයේ තැන් දෙකක මළ සිරුරු දෙකක් - සීතල බදුල්ල උණුසුම් වෙයි
01:18
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - ධර්ම දේශනය සාකච්ඡාව
01:21:00

?