ගණේමුල්ල සංජීවගේ ඝාතනය සැලසුම් කර ඇත්තේ බන්ධනාගාරය ඇතුළේ – බන්ධනාගාරය ඇතුළෙන් කලින්ම ඔත්තුව ඇවිත්

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනයට; විදේශ ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නැමැති අපරාධ කල්ලි නායකයා සමඟ බන්ධනාගාර ගතව සිටින රැඳවියන් තිදෙනෙක් සැලසුම් සකස්කර ඇති බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මහර බන්ධන්ගාරයේ R 2 වාට්ටුවේ රඳවා සිටින කිරි කොල්ලා නොහොත් අවිශ්ක යන සැකකරු එහි සිටින බුද්ධිනාත් යන සැකකරු සහ වේගබාවා යන සැකකරු කෙහෙල්බද්දර පද්මේ සමඟ එක්ව මෙම සැලසුම් සකස්කර ඇති බවයි හෙළිව ඇත්තේ.

වැට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී ඔවුන් මෙම සැලසුම් සකස්කර ඇති බවත් ඒ සඳහා යොදාගත් දුරකථන අංකය ද බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංජීව කුමාර සමරරත්න ගනේමුල්ල සංජීව නැමැති සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත හෝ වෙනත් අධිකරණයට රැගෙන එන අවස්ථාවක T-56 වර්ගයේ ගිනි අවි කිහිපයක් යොදාගනිමින් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව මහර බන්ධනාගරයේ සිටින සැකකරුවෙකු බව පවසමින් යම්කිසි අයෙක් 2024 වසරේ සැප්තැම්බර් මස 17 වනදා බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී ජේ.පුෂ්පකුමාර වෙත ඇමතුමක් ලබා දී පවසා ඇති බවයි වාර්තා වන්නේ.

1 1
2 1
3 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?