ගණේමුල්ල සංජීවගේ ඝාතනය සැලසුම් කර ඇත්තේ බන්ධනාගාරය ඇතුළේ – බන්ධනාගාරය ඇතුළෙන් කලින්ම ඔත්තුව ඇවිත්

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනයට; විදේශ ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නැමැති අපරාධ කල්ලි නායකයා සමඟ බන්ධනාගාර ගතව සිටින රැඳවියන් තිදෙනෙක් සැලසුම් සකස්කර ඇති බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මහර බන්ධන්ගාරයේ R 2 වාට්ටුවේ රඳවා සිටින කිරි කොල්ලා නොහොත් අවිශ්ක යන සැකකරු එහි සිටින බුද්ධිනාත් යන සැකකරු සහ වේගබාවා යන සැකකරු කෙහෙල්බද්දර පද්මේ සමඟ එක්ව මෙම සැලසුම් සකස්කර ඇති බවයි හෙළිව ඇත්තේ.

වැට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී ඔවුන් මෙම සැලසුම් සකස්කර ඇති බවත් ඒ සඳහා යොදාගත් දුරකථන අංකය ද බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංජීව කුමාර සමරරත්න ගනේමුල්ල සංජීව නැමැති සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත හෝ වෙනත් අධිකරණයට රැගෙන එන අවස්ථාවක T-56 වර්ගයේ ගිනි අවි කිහිපයක් යොදාගනිමින් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව මහර බන්ධනාගරයේ සිටින සැකකරුවෙකු බව පවසමින් යම්කිසි අයෙක් 2024 වසරේ සැප්තැම්බර් මස 17 වනදා බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී ජේ.පුෂ්පකුමාර වෙත ඇමතුමක් ලබා දී පවසා ඇති බවයි වාර්තා වන්නේ.

1 1
2 1
3 1



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15