ජීවත්වීමට දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කතුන් සිදුකරන අරගලය වෙනුවෙන් පෙනී සිටිනවා – අග්‍රාමාත්‍යවරිය

ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අද (08) පාර්ලිමේන්තුවේ පැවති 2025 ජාත්‍යන්තර කන්තා දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ, දෘෂ්‍යාබාධිත කාන්තා සංසදයේ කොඩි පැළඳවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළකළා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර යන අය ද එක්ව සිටියා.
.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරිය, දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් තමන්ගේ වෘත්තීන් රැකගැනීමටත්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය උදෙසා මෙන්ම අයිතිවාසිකම් රැකගැනීමටත් දෛනිකව අරගල කරමින් සිටින බව පැවසුවා.

සමාජය ආබාධයට ලක්ව සිටීම හේතුවෙන් මෙලෙස එම කාන්තාවන්ට අරගල කිරීමට සිදුව ඇති බවත් එම තත්ත්වය වඩාත් හොඳින් හඳුනාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුව මැදිහත් වී කටයුතු කරන බව ද ඇය මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34