ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ, අනුව සියලු අයදුම්පත් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

2025 වාර්ෂික ස්ථාන මාරුවීම් සදහා අයදුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති සියලු වෛද්‍ය නිලධාරීන්ට 2025/03/13 දිනට ප්‍රථම අදාළ ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ පිළිබද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ https://hrmis.health.gov.lk/ms/ දරණ නිල වෙබ් අඩවිය ඔස්සේ ද ලබාගත හැකි බව ද, සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?