දෙමටගොඩ රුවන්ගේ බිරිඳ හා අනියම් බිරිඳ සතුව තිබූ වත්කම් ගැන නියෝගයක්

දෙමටගොඩ රුවන්ගේ බිරිඳ හා අනියම් බිරිඳ සතුව තිබියදී මීට වසර හතරකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 7ට අධික වටිනාකමින් යුත් දේපළ නැවත ඔවුන් භාරයට පත් කළ හැකි ද නැද්ද යන්න පිළිබඳ ව නියෝගය ඊළඟ නඩු වාරයේදී ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (06) විත්තියේ නීතිඥවරුන්ට දන්වා තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ තම සේවාදායිකාවන්ට අයිතිව තිබූ දෙමටගොඩ හා බණ්ඩාරගම ප්‍රදේශයේ ඉඩම් දෙකක් මෙන්ම සුඛෝපභෝගි නිවාස දෙකක් ද ඇතුළු දේපල රැසක් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් 2020 හා 2022 වර්ෂ තුළ දී අත්අඩංගුවට ගෙන ඇති බව වගඋත්රකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැන්වූ බවයි.

එම දේපලවලට අදාළව නීතිමය පියවර මෙතෙක් ගෙන නොමැති බැවින් එම දේපල තම සේවාදායිකාවන්ට භාරදීමට අදාළ නියෝගයක් ලබාදෙන ලෙස එම සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විරෝධය දැක්වීම හේතුවෙන් අධිකරණයෙන් එසේ නියම වුණා.

එම ඉල්ලීමට විරෝධය දැක්වූ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති නමුත් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බැවින් ඊට අදාළ උපදෙස් ලැබෙන තෙක් එම දේපළ සැකකාරියන් භාරයට පත් කිරීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

විමර්ශන නිලධාරීන් හා සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් මහතා දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඉහත සඳහන් නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?