දෙමටගොඩ රුවන්ගේ බිරිඳ හා අනියම් බිරිඳ සතුව තිබූ වත්කම් ගැන නියෝගයක්

දෙමටගොඩ රුවන්ගේ බිරිඳ හා අනියම් බිරිඳ සතුව තිබියදී මීට වසර හතරකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි 7ට අධික වටිනාකමින් යුත් දේපළ නැවත ඔවුන් භාරයට පත් කළ හැකි ද නැද්ද යන්න පිළිබඳ ව නියෝගය ඊළඟ නඩු වාරයේදී ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (06) විත්තියේ නීතිඥවරුන්ට දන්වා තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ තම සේවාදායිකාවන්ට අයිතිව තිබූ දෙමටගොඩ හා බණ්ඩාරගම ප්‍රදේශයේ ඉඩම් දෙකක් මෙන්ම සුඛෝපභෝගි නිවාස දෙකක් ද ඇතුළු දේපල රැසක් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් 2020 හා 2022 වර්ෂ තුළ දී අත්අඩංගුවට ගෙන ඇති බව වගඋත්රකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැන්වූ බවයි.

එම දේපලවලට අදාළව නීතිමය පියවර මෙතෙක් ගෙන නොමැති බැවින් එම දේපල තම සේවාදායිකාවන්ට භාරදීමට අදාළ නියෝගයක් ලබාදෙන ලෙස එම සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විරෝධය දැක්වීම හේතුවෙන් අධිකරණයෙන් එසේ නියම වුණා.

එම ඉල්ලීමට විරෝධය දැක්වූ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති නමුත් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බැවින් ඊට අදාළ උපදෙස් ලැබෙන තෙක් එම දේපළ සැකකාරියන් භාරයට පත් කිරීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

විමර්ශන නිලධාරීන් හා සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් මහතා දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඉහත සඳහන් නියෝගය නිකුත් කළා.

  1. මේවගේම රාජපක්ෂලගේ දේපල පවරා නොගන්නේ ඇයි.. උන්ටත් මෙලෝ දෙයක් තිබුන උන් නොවේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30