ගිලන් වූ ගිලන් රථ ගැන උපදේශක කාරක සභාවේ අවධානය

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට පෙරේදා (04) පාර්ලිමේන්තුවේ දී රැස්වුණා.

ඒ එම කාරක සභාවේ සභාපති, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරුන් ද සහභාගී වී සිටියා.

මෙහිදී දිවයින පුරා රෝහල් හා ඒ ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමු කළා.

ඒ අනුව දැනට රෝහල්වල භාවිතයට නොගෙන ගාල් කර ඇති ගිලන් රථවල පවතින දෝෂ සකස් කර රෝගී සත්කාර සේවාවලට භාවිතා කිරීම පිළිබඳව කාරක සභාවේ දී සාකච්ජා කෙරුණා.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයන් එම දෝෂ සහිත ගිලන් රථ, රජයට වැය බරක් නොමැතිව පෞද්ගලික මට්ටමින් සකස් කර භාවිතයට ගැනීම සඳහා පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව නිලධාරීන්ගෙන් විමසා
සිටියා.

ඒ අනුව එම තත්ත්වය පිළිබඳව සොයාබලා හැකි ඉක්මනින් මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට සුදානම් බව අදාළ නිලධාරීහු කාරක සභාවට දැනුම්දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුළු නඩත්තු කටයුතු සි දුකිරීමට අවශ්‍ය රථවාහන වෙනුවෙන් පළාත් මට්ටමින් නඩත්තු ඒකක ස්ථාපිත කිරීම යෝග්‍ය බවත් ඒ අනුව බස්නාහිර පළාත තුළ එහි ආරම්භක පියවරක් ලෙස එවැනි ඒකකයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔසුසලක් ස්ථාපිත කිරීම පිළිබඳව ද කාරක සභාවේ දී සාකච්ඡා වුණා.

ඒ අනුව අදාළ ස්ථානය හා භූමි ප්‍රමාණයන් නිශ්චිතව හඳුනාගැනීමෙන් අනතුරුව එම ඔසුසල හැකි ඉක්මනින් ස්ථාපිත කර අවසන් කරන බව නිලධාරීන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනාගතය ගැන හිතලා තමයි අපි තීන්දු ගන්නේ
07:24
Video thumbnail
ලොරි රථයක් පාරෙන් ඉවතට පැන දොළකට පෙරළෙයි
01:08
Video thumbnail
කළුතර රබර් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගබඩාවක ගින්නක්
01:28
Video thumbnail
මත්ද්‍රව්‍ය ආරවුලක් දුරදිග ගිහින් තරුණයෙක්ව බිහිසුණු අයුරින් එළොව යවලා
01:21
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58


?