ඇත් ගොව්වෙකුට මරු කැඳවූ වනඅලි ප්‍රහාරය

හබරණ – යාන් ඇළ ප්‍රදේශයේ දී ඊයේ (04) හවස සිදු වූ වනඅලි පහරදීමකින් ඇත් ගොව්වෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අවාසනාවන්ත ඉරණමට ලක් ව ඇත්තේ හබරණ – ගල්පිටිය ප්‍රදේශයේ අලි රැක බලා ගන්නා ස්ථානයක ඇත් ගොවුවෙකු ලෙස සේවය කළ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක් වන ඩී.ජී.රසික තිලකරත්න නමැති අවිවාහක පුද්ගලයෙක්.

මෙම වනඅලි පහරදීමෙන් මියගිය ඇත්ගොව්වා තමන් රැක බලා ගනු ලබන අලියා නැහැවීම සඳහා හබරණ පිහිටි අලි රැකබලා ගන්නා ස්ථානයේ සිට යාන් ඇළට ගොස් තිබෙනවා.

එහිදී අලියාගේ පිට මත අසුන්ගෙන සිට යාන් ඇළට බැසීමට ඇත් ගොව්වා උත්සහා කර ඇති අතර අලියා හොඬවැලෙන් ඔහු ව අල්ලා පහර දී යාන් ඇළට දමා ජලය තුළ දී ම පාගා ඇති බවයි වාර්තා වන්නේ.

අලියාගේ පහරදීම එම ඇළෙහි දිය නාමින් සිටි ප්‍රදේශවාසීන් දැක ඇති බවත් ඔවුන් විසින් ඒ බව ඇත් ගාලට දන්වා ඇති බවත් පසුව තුවාලකරු රෝහල්ගත කළ ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
9
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?