ඇත් ගොව්වෙකුට මරු කැඳවූ වනඅලි ප්‍රහාරය

හබරණ – යාන් ඇළ ප්‍රදේශයේ දී ඊයේ (04) හවස සිදු වූ වනඅලි පහරදීමකින් ඇත් ගොව්වෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අවාසනාවන්ත ඉරණමට ලක් ව ඇත්තේ හබරණ – ගල්පිටිය ප්‍රදේශයේ අලි රැක බලා ගන්නා ස්ථානයක ඇත් ගොවුවෙකු ලෙස සේවය කළ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක් වන ඩී.ජී.රසික තිලකරත්න නමැති අවිවාහක පුද්ගලයෙක්.

මෙම වනඅලි පහරදීමෙන් මියගිය ඇත්ගොව්වා තමන් රැක බලා ගනු ලබන අලියා නැහැවීම සඳහා හබරණ පිහිටි අලි රැකබලා ගන්නා ස්ථානයේ සිට යාන් ඇළට ගොස් තිබෙනවා.

එහිදී අලියාගේ පිට මත අසුන්ගෙන සිට යාන් ඇළට බැසීමට ඇත් ගොව්වා උත්සහා කර ඇති අතර අලියා හොඬවැලෙන් ඔහු ව අල්ලා පහර දී යාන් ඇළට දමා ජලය තුළ දී ම පාගා ඇති බවයි වාර්තා වන්නේ.

අලියාගේ පහරදීම එම ඇළෙහි දිය නාමින් සිටි ප්‍රදේශවාසීන් දැක ඇති බවත් ඔවුන් විසින් ඒ බව ඇත් ගාලට දන්වා ඇති බවත් පසුව තුවාලකරු රෝහල්ගත කළ ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
9
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56