Empty Ad
AFC Banner
Empty Ad

මිද්දෙණිය ඝාතනයට උණ්ඩ 12ක් දී ඇත්තේ පොලිස් නිලධාරියෙක් – සැකකරු අත්අඩංගුවට

පෙබරවාරි 18 වැනි දින රාත්‍රියේ මිද්දෙණිය – කඩේවත්ත හන්දියේ දී වෙඩි තබා ත්‍රිපුද්ගල ඝාතනයක් සිදු කිරීමට ආධාර හා අනුබල ලබාදීමේ චෝදනා මත තවත් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්ත ව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් බවටයි වාර්තා වන්නේ.

සැකකරු විසින් වෙඩික්කරුවන් හට අවශ්‍ය T56 ගිනිඅවියට යොදන උණ්ඩ 12ක් ද ලබා දී ඇති බවයි සිදු කළ විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

සැකකරු ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සිද්ධියට මේ වනවිට ඇල්ලූ සැකකරුවන් ගණන 07ක්.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?