නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවේ.
නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට ඊයේ (27) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබෙනවා.
ඒ, අනුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස වයි.කේ.ගුණසේකරගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කළේ.
ඊට අමතරව බහරේන් හි ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එස්.එස්. දිසානායකගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.
හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජිකයින් වන අමාත්‍යවරුන්වන බිමල් රත්නායක, හිනිදුම සුනිල් සෙනෙවි, කුමාර ජයකොඩි, නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ යන අය සහභාගී වුණා.