Empty Ad
AFC Banner
Empty Ad

ග්‍රහලෝක 07ක් එක පෙළට – ලෝකවාසීන්ට අද දුර්ලභ අවස්ථාවක්

ග්‍රහලෝක හතක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව ලෝකවාසීන්ට අද (28) උදාවනවා.

නාසා ආයතනය පවසන්නේ රටවල් විශාල සංඛ්‍යාවකට මෙම දුර්ලභ අවස්ථාව දැකගත හැකි බවයි.

මේ ආකාරයෙන් ග්‍රහලෝක පෙරහැරක් යළිත් වරක්‍ දැකගත හැකි වන්නේ 2040 වසරේදීයි.

මෙම ග්‍රහලෝක අතරින් බුධ, සිකුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසට පෙනන අතර; සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක නිරීක්ෂණය කිරීමට දුරේක්ෂයක් අවශ්‍ය වනවා.

මේ අතර අද (28) සවස 6.20 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටියේ දී මෙම සංසිද්ධිය නිරීක්ෂණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය නිරීක්‍ෂණ කඳවුරක් සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?