අපරාධ කල්ලි සාමාජික අහුන්ගල්ලේ ඩිල්ෂාන්ගේ ගෝලයෝ අවිත් එක්ක අත්අඩංගුවට

දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ‘අහුන්ගල්ලේ ඩිල්ෂාන්’ සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ “කැප්පෙටිගහලන්ද බෝලේ “ඇතුළු තවත් අයෙකු ජීව උණ්ඩ 13ක් සහ තියුණු ආයුධ දෙකක් සමග කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ සඟවා තිබූ මිලිමීටර් 9 ගිනිඅවියට යොදන උණ්ඩ 13ක් සහ තියුණු ආයුධ දෙක සොයා ගැනුණා.

ඔහුගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේ දී සහ ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අලුත්ගම දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 26 පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනුණු බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී විවිධ අපරාධවලට යොදාගත් බවට සැක කෙරෙන ත්‍රීවිල් රථයක් සහ අංක තහඩු ව්‍යාජ ලෙස සකස් කරන ලද එන්ජින් අංක මකා දමා තිබූ තවත් යතුරුපැදියක් සොයා ගත්තා.

මෙම ත්‍රීවිල් රථය සහ යතුරුපැදිය කිසියම් අපරාධයක් සඳහා යොදාගත්තේ ද යන්න පිළිබඳ ව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

යතුරුපැදිය සහ ත්‍රිවිල් රථය සමග අත්අඩංගුවට ගත් වයස අවුරුදු 26ක් වන පුද්ගලයාට මේ වන විට වරෙන්තු දෙකක් සහ නඩු හතක් විවිධ අධිකරණවලින් ක්‍රියාත්මක බව ද කළුතර අපරාධ කොට්ඨාසය කියා සිටිනවා.

සැකකරුවන් මේ වන විට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30