ඇෆ්ගනුන්ගෙන් එංගලන්තයට අදහාගත නොහැකි දැවැන්ත ලකුණු පුවරුවක්

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් එක්දින පිටියේ ඉහළතම ලකුණු සංඛ්‍යාවක් ලැබූ වාර්තාව තමන් සතු කරගන්නට ඊබ්‍රහීම් සද්‍රාන් සමත් වුණා.

ඒ ලාහෝර් හි දී පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය දී පළමු ව පන්දුවට පහරදෙමින්.

ඊබ්‍රහීම් අද (26) දිනයේ දී සිය සයවැනි එක්දින ශතකය ද ලබා ගත්තා.

ඔහු ඇග්නිස්තානයේ බිඳ වැටී තිබූ ලකුණු පුවරුව ශීඝ්‍රයෙන් ඔසවමින් සිය ඉනිම විශිෂ්ටත්වයකට පත් කරගත්තේ පන්දු 146කදී දැවැන්ත ලකුණු 177ක් ලබා ගනිමින්.

සද්‍රාන්ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 06ක් සහ හතරේ පහර 12ක් ඇතුළත් වුණා.

ඊබ්‍රහීම් සද්‍රාන් මීට පෙර සිය වැඩිම ලකුණු ලබා සිටියේ ලකුණු 162ක්.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

ඔහුට අනගි සහායක් දෙමින් මොහොමඩ් නබී පන්දු 24කදී වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා.

අෂ්මතුල්ලා ඔමර්සායි ලකුණු 41ක් සහ ෂහිඩි ලකුණු 40ක් රැස් කළා.

ඒ අනුව ඇෆ්ගනුන්ගෙන් එංගලන්තයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 326ක්.

කඩුලු බිඳ දැමීමේ දී ජොෆ්‍රා ආර්චර් කඩුලු 03ක් සහ ලිවින්ග්ස්ටෝන් කඩුලු 02ක් බිඳ හෙලුවා.

එක් කඩුල්ල බැගින් ජැමී ඕවර්ටන් සහ අඩිල් රෂීඩ් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

මේ වනවිට දෙපිළම මුහුණ දුන් පළමු තරගය පරාජයට පත් ව ඇති අතර අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයටම තීරණාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12