මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට ඇල්ලූ සැකකරුවන් ගැන තවත් තොරතුරු එළියට

පසුගිය 18 වනදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේ දී වෙඩි තබා සිදුකළ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිසිය තවත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා මිද්දෙණිය පොලිස් වසමේ දෙබොක්කාව හා වීරකැටිය පොලිස් වසමේ අග්‍රහැර හන්දිය යන ප්‍රදේශවල දී අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණා.

මොවුන් දෙදෙනා හිටපු යුද හමුදා හිටපු සෙබළුන්වන අතර, මොවුන් යුද හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී ඇති බවයි දැනට සිදුකරන් ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරුවන් අවුරුදු 37 හා 39 වයස්වල පසුවන වලස්මුල්ල හා වීරකැටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට ද හෙළි වී තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට සැකපිට පොලිස් නිලධාරියෙක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක්.

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත ප්‍රදේශයේ දී පසුගිය 18 වනදා රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් අරුණ විදානගමගේ නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා ඝාතනයට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01