මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට ඇල්ලූ සැකකරුවන් ගැන තවත් තොරතුරු එළියට

පසුගිය 18 වනදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේ දී වෙඩි තබා සිදුකළ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිසිය තවත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා මිද්දෙණිය පොලිස් වසමේ දෙබොක්කාව හා වීරකැටිය පොලිස් වසමේ අග්‍රහැර හන්දිය යන ප්‍රදේශවල දී අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණා.

මොවුන් දෙදෙනා හිටපු යුද හමුදා හිටපු සෙබළුන්වන අතර, මොවුන් යුද හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී ඇති බවයි දැනට සිදුකරන් ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරුවන් අවුරුදු 37 හා 39 වයස්වල පසුවන වලස්මුල්ල හා වීරකැටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට ද හෙළි වී තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට සැකපිට පොලිස් නිලධාරියෙක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක්.

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත ප්‍රදේශයේ දී පසුගිය 18 වනදා රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් අරුණ විදානගමගේ නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා ඝාතනයට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොරට ගහපු කොල්ලා උඩින් බිමට වැටුණු හැටි
08:58
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34

?