දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් සිදු කළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙම සිදුවීම ඊයේ (20) සිදුව ඇත්තේ අඹගස්දෝව ප්‍රදේශයේදියි.
දෙපාර්ශ්වය අතර ගස් කැපීමේ සිදුවීමක් මුල් කරගෙන මෙම ඝාතනය සිදු ව ඇති බව වාර්තා වනවා.
මරණකරු කුලියට ගස් කැපීමේ නිරත වන්නෙකු බවත් හෙතෙම මුදල් අය නොකර එම ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක ගස් කුට්ටි කරදීමට එකඟ වී ඇති බවත්; පහර දුන් පිරිස විසින් මරණකරුගෙන් මුදල් නොගෙන ගස් කැපීමේ හේතු විමසූ අවස්ථාවේ දී මෙම බහින්බස් වීම ඇති ව තිබෙන බවත් පැවසෙනවා.
ඉන් පසුව මුදලට ගස් කපන පිරිසේ තිදෙනෙකු විසින් එක් ව 52 හැවිරිදි ගොඩකුඹුර කන්දේ ඇළ පදිංචි ලාල් කරුණාරත්න නමැත්තෙකුට පිහියෙන් ඇන, මුගුරකින් පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මරණකරු දැඩි අසාධ්‍යය තත්ත්වයෙන් වැලිමඩ රෝහලෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණ ද එහිදී ඔහු මරණයට පත් ව තිබෙනවා.
පොලිසිය විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 23,31 හා 38 යන වියෙහි පසුවන ඌවපරණගම පදිංචිකරුවන්.
සැකකරුවන් වැලිමඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.