වෙළෙඳසැලක බලපත්‍රයක් අලුත් කරන්න අල්ලස් ගත් PHI හිරගෙට

ගලේවෙල ප්‍රදේශයේ වෙළෙඳසැලක බලපත්‍රයක් අලුත් කරදීම සඳහා එහි හිමිකරුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මාර්තු මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (17) නියෝග කළා.

ගලේවෙල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වන ඉසුරු බණ්ඩාර නමැත්තෙක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ගලේවෙල වෙළෙඳසැල් හිමිකරුවෙකු වන ගෝවින්ද ධර්මරත්න නමැති අයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉකුත් 14 දින අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉකුත් 15 වැනි දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් විසින් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණු සලකා බලමින් සැකකරු මාර්තු මස 03 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

එම වෙළෙඳසැලට අදාළ 2025 වර්ෂය සඳහා වූ බලපත්‍රය අලුත් කර දෙන ලෙසට පැමිණිලිකාර පුද්ගලයා සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම කඩිනමින් ඉටු කරදීම සඳහා ඔහු පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

පසුව පැමිණිලිකරු සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ දැනුම්දීමක් අනුව උපාය දූතයන් යොදවා සැකකරු අත්අඩංගුවට ගත් බව ද විමර්ශන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34