නව ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස්දීම අරමුණු කර ගනිමින් ජාතික ක්‍රීඩා සභාව පත් කර තිබෙනවා.

ඒ, අනුව ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස, හිටපු රග්බි ක්‍රීඩකයෙකු සහ පැසිපන්දු ක්‍රීඩකයෙකු ද වන ප්‍රියන්ත ඒකනායකයි පත්කර ඇත්තේ.

ඔහු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස ද නවසීලන්තයේ සහ වේල්සයේ රග්බි සමාජයෙහි ද ක්‍රීඩා කර තිබෙනවා.

ජාතික ක්‍රීඩා සභාවේ අනෙකුත් සාමාජිකයින්,

සමන්තා නානායක්කාර – කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්යවරියක් සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥවරියක් වන අතර ලංකාවේ පළමු ක්‍රීඩා මහචාර්යවරිය වන්නේද ඇයයි.

රුක්මන් වෑකඩපොළ – ජාත්‍යන්තර බොක්සින් සංගමයේ උපදේශකයෙකු සහ ක්‍රීඩා විනිසුරුවරයෙක් ද වන ඔහු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් සහ ක්‍රිඩා ගුරුවරයෙක් වශයෙන් ද කටයුතු කරනවා.

සිදත් වෙත්තමුනි – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

රොහාන් අබේකෝන් – ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කටයුතුවල නියැලී ඇති අතර, ජාතික රග්බි තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් වශයෙන් ද කටයුතු කළ අයෙක්.

නිරෝෂන් විජේකෝන් – බැට්මිටන් ක්‍රීඩකයෙක් වන අතර ඔහු, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සදහා සහභාගී වූ පළමු බැට්මිටන් ක්‍රීඩකයා ද වනවා, ජාතික තේරීම් කමිටු සභාපති සහ ජාතික පුහුණුකරුවෙක් වශයෙන්ද කටයුතු කර තිබෙනවා.

මුරාද් ඉස්මයිල් – ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය, ඇතුළුව සම්මේලන ගණනාවකට සම්බන්ධව කටයුතු කර ඇත. ගොල්ෆ් තේරීම් කමිටුවෙහි හිටපු සාමාජිකයෙක් ලෙසත්, මේස පන්දු සංගමයේ හිටපු ලේකම් ලෙසත් කටයුතු කර තිබෙනවා.

රොෂාන් මහනාම – හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, ඔහු ජාත්‍යන්තර තරඟ තීරකයෙකු වශයෙන් කටයුතු කරනවා.

සී. රත්නමුදලි – මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්වන අතර, වොලිබෝල් ජාතික සම්මේලනයේ කටයුතු කරන ලද ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා සම්බන්ධ අධ්‍යයන කටයුතුවල නිරත වූ අයෙක්.

ශ්‍රියානි කුලවංස – ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමත්, ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමත් දිනාගන්නා ලදී. 1989 සිට 2004 දක්වා ජාත්‍යන්තර ක්‍රීඩා 70කට අධික සංඛ්‍යාවකට සහභාගි වී තිබෙනවා.

ශානිත ප්‍රනාන්දු – හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන අතර 1994 සිට 1998 දක්වා රග්බි ජාතික කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කර ඇති අතර. CR & FC රග්බි සමාජයේ හිටපු උප සභාපතිවරයා ද වනවා.

චානක ජයමහ – ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙක් ලෙස දැනට අධිකරණ කටයුතුවල නියැලෙන අතර, Colombo Dockyard PLC හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කර තිබෙනවා.

මලික් ජේ. ප්‍රනාන්දු – ඩිල්මා පුද්ගලික සමාගමෙහි සම සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ඇති ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් අද (14) දිනයේ දී ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් පත් කිරීම සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25