දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් අද (09) පෙරවරුවේ සිට දිවයින පුරා විදුලිය බිඳ වැටුණා.
එහිදී විෂයභාර අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ පානදුර ග්‍රිඩ් උපපොළ ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූ අනතුරක් මෙම විදුලි බිඳ වැටීමට හේතු වූ බවයි.
අදාළ සිදුවීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය මෙලෙස විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1