දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට

දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් අද (09) පෙරවරුවේ සිට දිවයින පුරා විදුලිය බිඳ වැටුණා.

එහිදී විෂයභාර අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ පානදුර ග්‍රිඩ් උපපොළ ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූ අනතුරක් මෙම විදුලි බිඳ වැටීමට හේතු වූ බවයි.

අදාළ සිදුවීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය මෙලෙස විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

මේ සමඟ විදුලි බල මණ්ඩලය විසින් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත් අතර, අද (09) ඉරිදා දිනයක් වූ බැවින් විදුලි ඉල්ලුම අඩු මට්ටමක පැවතීම හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46