AFC Banner
AFC Banner
Empty Ad

පරීක්ෂණ අවසන් වන තෙක් විදෙස් කතකට මරු කැඳවූ ළැඟුම්හල වසා දැමීමට නියෝගයක්

කොළඹ – කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පලක විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලීසිය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එම වාර්තාව සැලකිල්ලට ගනිමින් ඊට අදාළ ඉදිරි පරීක්ෂණ සිදුකර රැඳී සිටීමේ යෝග්‍යතාව වාර්තා කිරීමක් සිදු කරන තෙක් අදාළ නවාතැන්පළ තාවකාලිකව වසා දමන ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය
අද (03) නියෝග කළා.

පසුගියදා අදාළ නවාතැන්පොළෙහි රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සහ ජර්මන් ජාතික යුවළකට හදිසියේ ඇති වූ වමනය යෑමේ තත්ත්වයක් මත රෝහල්ගත කළ අතර එහිදී 24 හැවිරිදි ඒ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්වුණා.

එම සිද්ධියට ආහාර විෂ වීමක් හේතු වූවා ද නැතහොත් ඝාතනයක් ද යන්න ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා තවත් ප්‍රකාශයන් සටහන් කිරීමට ද නියමිතව තිබෙන බව පෙලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ සඳහා මරණකාරියගේ ඥාතීන් ගෙන්වා මෘත ශරීරය හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට ද නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?