අම්බලන්තොට, මාමඩල, ඇලේගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයින් තිදෙනෙක් ඊයේ (02) රාත්‍රියේ ඝාතනය කළ සිද්ධියට සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
ඝාතනයට ලක්වූ තිදෙනා මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29, 34 සහ 45 යන වයස්වල පසුවූවන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1