කලකට පසු දේශීය ක්‍රිකට් පිටියට ආ කෝලි දේශීය ක්‍රිකට් පිටියේත් අසාර්ථකයි (වීඩියෝ)

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි කලකට පසුව දේශීය ක්‍රිකට් පිටියට පැමිණ තිබෙනවා.

ඒ, ඉන්දියාවේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලියක් වන රංජි කුසලානය වෙනුවෙන්.

දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් විරාට් කෝලි අද (31) දිනයේ පිටියට පිවිසි අතර, එහිදී ඔහුට පිත්තෙන් වැඩි දස්කම් දැක්වීමට හැකියාව ලැබුණේ නැහැ.

දේශීය ක්‍රිකට් පිටියට කලකට පසු පැමිණි කෝලි දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කරන අයුරු දැක බලාගැනීම සඳහා දිල්ලි නුවර අරුන් ජට්ලි ක්‍රීඩාංගණයට විශාල ප්‍රේකෂක පිරිසක් රැස්ව සිටියා.

එහිදී දිල්ලි ඉනිමේ තුන්වන කඩුල්ලට පිටියට පිවිසි විරාට් කෝලි උණුසුම් පිළිගැනීමක් රැස්ව සිටි ප්‍රේකෂකයින්ගෙන් හිමි වුණා.

කෙසේ වෙතත් මෙම තරගයේ දී කෝලිට මුහුණදීමට හැකි වූයේ පන්දු 15 කට පමණයි.

එහිදී ඔහු පන්දු 14ක් තුළ ලකුණු 06ක් රැස්කරගෙන සිටිය දී වේග පන්දු යවන ක්‍රීඩක හිමන්ෂු සංග්වාන් යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

https://twitter.com/cricketlover672/status/1885199460113989654