ආරක්ෂාව ඉල්ලා හිටපු ජනපති මහින්ද උසාවි යයි (වීඩියෝ)

නිසි තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක්.

මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර තිබෙන පෙත්සමේ සඳහන් කර ඇත්තේ, නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

මේ වනවිට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණපා සිටින අයෙකු වන අතර, තම ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් කියා සිටිනවා.

අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස මහින්ද රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඊට අමතරව තමන්ට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අයැද සිටිනවා.

එමෙන්ම මේ වන විට ඉවත් කර තිබෙන තමන්ට සපයා දී තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01