හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස ලොරියක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැය 5 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා හිටපු අමාත්‍යවරයා හෙට (20) දිනයේ බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

හපුතලේ පොලිස් වසමේ බෙරගල – කොස්ලන්ද පාරේ පිහිටි හිටපු අමාත්‍යවරයාට අයත් මුතුවානා වත්තේ නීති විරෝධි ලෙස එකලස් කරන ලද නවීන පන්නයේ ලොරි රථයක් ඇති බවට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබුණා.

එම රථය පිටතට ගෙනයාමට නොහැකි වන පරිදි බැටරිය හා යතුර ගලවා එම ස්ථානයෙන් ඉවත් කර තිබූ බවයි අනාවරණය වුණේ.

පොලිසිය වැටලීම වැටලීම සිදුකරන අවස්ථාවේ එම වත්තේ කළමණාකරු වශයෙන් රැදි සිටි විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු මඟින් හිටපු අමාත්‍යවරයාව සම්බන්ධ කර රථයේ බැටරිය සහ යතුර ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා රථයේ බැටරිය සහ යතුර රැගෙන එන බවට පවසා වැටලීම සිදුකළ නිලධාරින් මඟහැර ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව මුතුවානා වත්තේ භූමිය වැඩිදුරටත් පරික්ෂා කිරීමේ දී මෙම රථයේ කොටස් එකලස් කළ බවට සාධක නිරීක්ෂණ වී ඇති අතර, රථය එම අවස්ථාවේ අත්අඩංගුවට ගෙන හපුතලේ පොලිස් නිලධාරින්ගේ භාරයට පත් කර පසුදින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අත්අඩංගුවට ගැනීම පිළිබද කරුණු වාර්තා කර නියෝග ලබා ගැනුණා.

අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා විසින් මෙම රථය පරීක්ෂා කිරීමේ දී නිෂ්පාදිත කර්මාන්තශාලාවෙන් පරිභාහිරව නීති විරෝධි ලෙස මෙහි චැසි අංක, එන්ජින් අංක ව්‍යාජ ලෙස වෙනස්කර ඇති බවත්; බණ්ඩාරවෙල මෝටර් රථ පරීක්ෂකවර විසින් රථය හපුතලේ පොලිස් ස්ථානයේ දී පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ද මෙම රථය නිෂ්පාදන ආකෘතියෙන් පරිභාහිරව එකලස් කර ඇති බවත් එන්ජින් අංක සහ චැසි අංකද ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බවටත් තහවුරු කරමින් වාර්තාවක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සැකකාර අමාත්‍යවරයා පානදුර පිහිටි වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත කැදවා ප්‍රශ්න කිරීමෙන් පසු අද (19) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
27
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?