හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස ලොරියක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැය 5 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා හිටපු අමාත්‍යවරයා හෙට (20) දිනයේ බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

හපුතලේ පොලිස් වසමේ බෙරගල – කොස්ලන්ද පාරේ පිහිටි හිටපු අමාත්‍යවරයාට අයත් මුතුවානා වත්තේ නීති විරෝධි ලෙස එකලස් කරන ලද නවීන පන්නයේ ලොරි රථයක් ඇති බවට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබුණා.

එම රථය පිටතට ගෙනයාමට නොහැකි වන පරිදි බැටරිය හා යතුර ගලවා එම ස්ථානයෙන් ඉවත් කර තිබූ බවයි අනාවරණය වුණේ.

පොලිසිය වැටලීම වැටලීම සිදුකරන අවස්ථාවේ එම වත්තේ කළමණාකරු වශයෙන් රැදි සිටි විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු මඟින් හිටපු අමාත්‍යවරයාව සම්බන්ධ කර රථයේ බැටරිය සහ යතුර ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා රථයේ බැටරිය සහ යතුර රැගෙන එන බවට පවසා වැටලීම සිදුකළ නිලධාරින් මඟහැර ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව මුතුවානා වත්තේ භූමිය වැඩිදුරටත් පරික්ෂා කිරීමේ දී මෙම රථයේ කොටස් එකලස් කළ බවට සාධක නිරීක්ෂණ වී ඇති අතර, රථය එම අවස්ථාවේ අත්අඩංගුවට ගෙන හපුතලේ පොලිස් නිලධාරින්ගේ භාරයට පත් කර පසුදින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අත්අඩංගුවට ගැනීම පිළිබද කරුණු වාර්තා කර නියෝග ලබා ගැනුණා.

අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා විසින් මෙම රථය පරීක්ෂා කිරීමේ දී නිෂ්පාදිත කර්මාන්තශාලාවෙන් පරිභාහිරව නීති විරෝධි ලෙස මෙහි චැසි අංක, එන්ජින් අංක ව්‍යාජ ලෙස වෙනස්කර ඇති බවත්; බණ්ඩාරවෙල මෝටර් රථ පරීක්ෂකවර විසින් රථය හපුතලේ පොලිස් ස්ථානයේ දී පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ද මෙම රථය නිෂ්පාදන ආකෘතියෙන් පරිභාහිරව එකලස් කර ඇති බවත් එන්ජින් අංක සහ චැසි අංකද ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බවටත් තහවුරු කරමින් වාර්තාවක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සැකකාර අමාත්‍යවරයා පානදුර පිහිටි වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත කැදවා ප්‍රශ්න කිරීමෙන් පසු අද (19) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13