සේවිකාවන් ඉදිරියේ අසෝබන වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් දොට්ට

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පාර්ලිමේන්තු මහ ලෙක්ම කාර්යාලය නිවේදනය කරනවා.

මේ සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වී තිබෙනවා.

අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීරගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා කතානායක ජගත් වික්‍රමරත්න පසුගියදා අනුමතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු සේවිකාවන්ට 2021 සහ 2022 කාල පරිච්චේදයේදී ලිංගික හිංසනයන් වීම සම්බන්ධයෙන් පුවත්පතක 2023 ජූලි 30 සහ 2023 අගෝස්තු 02 දින කරුණු වාර්තාවීමෙන් අනතුරුව එවකට කතානායකවරයාගේ ද උපදෙස් මත මේ සම්බන්ධව
විමර්ශනය කිරීම සදහා ත්‍රිපුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුවක් 2023.08.04 දින එවකට පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් පත් කරනු ලැබුවා.

මෙම කමිටුවේ විමර්ශන අතරතුර දී පාර්ලිමේන්තු සේවකයින් දෙදෙනෙකු වැඩ තහනමට ලක් කොට තිබූ අතර, එම විමර්ශන කමිටු වාර්තාව 2023.08.23 දින පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත ලැබී තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සදහා එය නීතිපතිවරයා වෙත යොමු කරන ලද අතර, නීතිපති දෙපාර්තමේන්තුවෙහි උපදෙස් මත මීට අදාළ පරීක්ෂණය පොලිස්පතිතුමා මඟින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පවරා තිබුණා.

මේ අතර පොලිස් විමර්ශන අනුව තවත් පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගැනුණු අතර, 2024.01.30 දින එම සේවකයාද වැඩ තහනමට ලක් කිරීමටයි කටයුතු කර තිබුණේ.

මේ අනුව මීට අදාළ චෝදනා ගොනුකිරීමෙන් අනතුරුව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස චූදිත නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීම මත නෛතික විධිවිධාන ප්‍රකාරව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම පිණිස විශ්‍රාමලත් මහාධිකරණ
විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන පත් කළා.

මෙම විනය පරීක්ෂණයේ අවසන් වාර්තාව පසුගිය 2024.12.23 වැනිදා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර වෙත භාරදුන් අතර, එය පදනම් කර ගනිමින් අදාළ සේවකයින් තිදෙනා වැඩ තහනමට ලක්වූ දින සිට සේවයෙන් පහකිරීමට කතානායකවරයාට කරන ලද නිර්දේශය අනුව මේ වන විට සේවයෙන් පහ කිරීමට මෙලෙස කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49