මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් හේතුවෙන් අඩුවට වාහනයක් ගන්න බැරි තත්ත්වයක් (වීඩියෝ)

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ගෙන්වන වාහනවල පාවිච්චි කළ කාලසීමාව වසර 05ක් දක්වා ඉහළ දැමිය යුතු බව වහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.

අද (12) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී සභාපතිවරයා චෝදනා කර සිටියේ මුදල් අමාත්‍යාංශයේ අත්තනෝමතිකව කටයුතු කරන ඇතැම් නිලධාරීන් එම කාල සීමාව වසර 03ක් දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ හේතුවෙන් අඩු ආදායම්ලාභීන්ට වාහනයක් මිල දී ගැනීමට ඇති හැකියාව ඔවුන් විසින් අහිමිකර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ හේතුවෙන් ජනතාවට රජය කෙරෙහි අප්‍රසාදයක් ඇතිවීමට ඉඩ පවතින බවයි සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම පාවිච්චි කළ වාහන ගෙන්වීමේ දී එය අවුරුදු තුනේ සීමාව පහේ සීමාවට නොගෙන ආවොත් ඒ තුළින් මහජනතාවගේ මුදල් අනිසි පාවිච්චක් ද සිදුවන බව ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18