විශ්‍රාම වැටුප් හිමියන්ට සුබ පණිවුඩයක්

2020 වර්ෂයේ දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය යළි බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

එළඹෙන අයවැය මඟින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අප කළ විමසීමක දී සඳහන් කර සිටියේ.

ඒ, අනුව 2016 වසරේ ජනවාරි පළමු වනදා සිට 2019 වසරේ දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර එළඹෙන අයවැය මඟින් සිදුකරන රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සමගාමීව විශ්‍රාම වැටුප් ද ඉහළ දැමීමේ සූදානමක් ඇති බවට කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ඉඟි පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
10
+1
141
+1
5
+1
5
+1
11
+1
6
Subscribe
Notify of
9 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?