අහුන්ගල්ල ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිට වෙඩි

කොළඹ – ගාලු පාරේ අහුන්ගල්ල මංසන්ධියේ දී වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (09) අලුයම 5.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ අහුන්ගල්ල ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඩබ්ලිව්. නන්දසිරි ද සිල්වා නමැත්තෙකුටයි.

තුවාලකරුව අහුන්ගල්ල – බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි පහරින් තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්