නවෝත්පාදන දිරිගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක්

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති උත්සවයට එක්වෙමින්.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා nirdc.gov.lk නව වෙබ් අඩවිය දියත් කිරීම ද මෙම අවස්ථාවේ සිදු කෙරුණා.

විද්‍යාව හා තාක්ෂණය සමඟ එකට බැඳුනු පර්යේෂණ හා සංවර්ධන (Research and Development) ක්‍රියාදාමය, අගය එකතු කළ (value added) භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රටේ ආර්ථිකය නඟාසිටුවන අතර සමස්ත මානව හා සාමාජීය ප්‍රවර්ධනයට ද උර දෙනවා.

රට තුළ නවෝත්පාදකයන් ගම් මට්ටමින් පවා බිහි වුවද, ඔවුන්ගේ අදහස් හා නිපැයුම් නිසි ලෙස උකහා ගැනීමේ යාන්ත්‍රණයක් හෝ ඔවුනට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමක් සිදු වූයේ ද අවම මට්ටමකින්.

මෙම මානව සම්පතට නිවහල් ලෙස සිතන්තට අවශ්‍ය පරිසරය සාදාදීම, ඔවුන්ගේ නව අදහස් පර්යේෂණ හා ගවේෂණ තුළ කාර්යක්ෂම ලෙස සැකසූ යාන්ත්‍රණයක් හරහා ලබාදීම තුළින් ලංකාව නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට අනාගතයේ පත් කර ගත හැකියි.

මෙතෙක් කලක් ශ්‍රී ලංකාව වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.12%ක් පමණ අඩු ප්‍රතිපාදනයක් පර්යේෂණ හා සංවර්ධන සඳහා වෙන් කර තිබුණා.

නමුත් ශ්‍රී ලංකාව සතුව බොහෝ ස්වභාවික සම්පත් ඇතත් එය නිසි පරිදි කළමනාකරණය සඳහා සහ මෙම වටිනා පර්යේෂණ තවමත් ආර්ථික ප්‍රතිලාභ සඳහා යොදා ගෙන නැහැ.

නව රජයේ පත් වීමත් සමඟ දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට විශාල උනන්දුවක් ද දක්වමින් සිටිනවා.

ආර්ථිකය නඟාසිටුවීමට මේ සියල්ල ප්‍රමාදයකින් තොරව කළමනාකරණය කර, රටේ සංවර්ධනයට භාවිත කළ යුතු වනවා.

මනාව සැලසුම් කරන ලද සහ නිසි ලෙස කළමනාකරණය කරන ලද දිගු කාලීන පර්යේෂණ හා සංවර්ධන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම අලුතින් පිහිටුවන ලද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දැනටමත් ආරම්භ කර තිබෙනවා.

වඩාත්ම ඵලදායී උපාය මාර්ගය වනුයේ ආර්ථිකය සඳහා ක්ෂණික තල්ලුවක් ලබා ගැනීම සඳහා දැනටමත් පර්යේෂණ අවසන් කර ඇති හෝ ආසන්න වශයෙන් නිම කර ඇති ව්‍යාපෘති, අගය එකතු කළ අලෙවි කළ හැකි නිෂ්පාදන සහ සේවාවන් බවට කඩිනමින් පරිවර්තනය කිරීමයි.

පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිඵල හඳුනා ගැනීම, ඇගයීම, බලාත්මක කිරීම, ක්‍රියාවට නැංවීම සහ ඉක්මණින් වාණිජකරණය කිරීම සඳහා “පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය” [National Initiative for R&D Commercialization (NIRDC)] නව ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති කර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් සහ විද්‍යාත්මක පර්යේෂණ, කර්මාන්ත, ආර්ථිකය, නීතිය, කලාව සහ දේශීය උරුමයන් ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයකගෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, මිනිසාගේ අවශ්‍යතා නොවෙනස්ව පවතින බව පෙන්වා දුන් අතර, එම අවශ්‍යතා ලබාගන්නා මාදිලිය පමණක් වෙනස් වන බවද, නව උත්පාදනය තුළින් එම මාදිලිය නිර්මාණය කළ හැකි බවද කියා සිටියා.

තාක්ෂණයට සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රතිපත්තිය නිසා ලෝක වෙළෙඳ පොළේ ශ්‍රී ලංකාවට හිමි තැන අත්පත් කර ගැනීමට අසමත් වූ බව ද ලෝකයේ තාක්ෂණය සමඟ වෙළෙඳපොළ මාදිලියේ නව පෙරළියක් ඇති වුණත් ශ්‍රී ලංකාව තේ, පොල්, රබර් වැනි පැරණි සංකල්පයක හිරවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

තාක්ෂණය සමඟ එක්ව නව උත්පාදනය කළ සමාගම් ලෝකය ජයගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ පළමු සමාගම් 10න් 05ක්ම තාක්ෂණය පදනම් කරගත් සමාගම් බව ද කියා සිටියා.

ශ්‍රී ලංකාවේ තාක්ෂණ විෂය නොසලකා තිබූ බවත් ලෝකයේ දියුණු රටවල් තාක්ෂණ විෂයට මුල් තැනක් ලබාදී සංවර්ධනය කරා ගොස් ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

දුප්පත්භාවය තුරන් කිරීම අවශ්‍ය වන්නේ සමාජ ඛේදවාචකය නැති කිරීමට පමණක් නොව එම ජනතාව අයිතිවාසිකම් නොමැතිව පීඩා විඳීම හේතුවෙන් බවත් එම නිසා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නව උත්පාදනය හරහා එම ජනතාවට ආර්ථික කටයුතු හා තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිය ලබාදීම බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56