සලෝචන ගමගේ යළිත් රිමාන්ඩ්

හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ තවත් ව්‍යාපාරිකයෙකු ජනවාරි 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (06) දිනයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 09ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සහ තවත් ව්‍යාපාරිකයෙක් පදුගිය දෙසැම්බර් 27 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා පසුගිය 28 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අධිකරණය ඔවුන්ව අද (06) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කරනු ලැබුවේ.

සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (06) අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන්ව එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන නියෝගය ලබාදීම ඊළඟ නඩු වාරය දක්වා කල් තබනු ලැබුවා.

සැකකාර සලෝචන ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පෙනී සිටිමින් කියා සිටියේ තම සේවාදායකයාගේ බිරිඳ රැකියාවක නිරත වන බවත්, ඔවුන්ගේ වසර තුනහමාරක් වයසැති කුඩා දරුවා රැකබලා ගැනීම තම සේවා දායකයාට පැවරී ඇති බවයි.

එමෙන්ම තම සේවා දායකයාගේ බිරිඳ විවෘත විශ්ව විද්‍යාලයක නීති උපාධිය හදාරනන බවත්, මෙම මස 08 හා 11 යන දෙදින තුළ ඊට අදාළ විභාගයක් පැවැත්වෙන බවත්, ඇයගේ ස්වාමිපුරුෂයා වන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම තුළින් එම කටයුතුවලට බාධාවක් සිදුව ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

සිය පියා නොමැති නිසා තුන් හැවිරිදි දරුවා ද දැඩි මානසික පීඩාවක් ලක්ව සිටින බව ද පැවසූ ජනාධිපති නීතිඥවරයා සැකකාර සලෝචන ගමගේ වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලිකරුගේ හිතවතෙකු විසින් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ලක් 2023 ජුනි මාසයේදී අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති බවත්, වෙනත් පුද්ගලයන් දෙදෙනකු සිද්ධියේ සැකකරුවන්ව සිටිය දී චමින්ද තුෂාර වර්ණකුලසූරිය නැමැති අය දෙවන වරටත් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව එක්වරම තම සේවාදායකයා ඇතුළු සැකකරුවන් දෙදෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තව ද අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික බී වාර්තාවේ සැකකරුවන් දෙදෙනාට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නොමැති බව ද පැවසුවා.

මෙවැනි සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දින ගණනක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම ගැටළු සහගත බව ද ඇප ලබාදීම වැළැක්වීමට ඇප පනත යටතේ කිසිදු කරුණක් මූලික බී වාර්තාව මගින් ඉදිරිපත් කර නොමැති බව ද නීතිඥවරයා සිය කරුණු දක්වමින් අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් අධිකරණ හමුවේ කියා සිටියේ පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ඥාතියකුට අයත් කොළඹ ටොරින්ටන් ඇවිනිව්හි පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරාගෙන තිබී ඇති බවයි.

එසේ පවරාගෙන තිබූ ඉඩම වෙනුවෙන් කෝටි 11ක වන්දියක් නාගරික සංවර්ධන අධිකාරියෙන් පැමිණිලිකාර පාර්ශවයට හිමිවීමට නියමිතව තිබී ඇතැයි ද එම මුදලින් කෝටි තුනක චෙක්පතක් පැමිණිලිකරුට ලබාදීමට අවශ්‍යය කටයුතු කරදීම සඳහා සැකකරුවන් දෙදෙනා පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 90 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇතැයි ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරුවන්ට එරෙහිව ඇප පනතේ 14 (1) වගන්තිය යටතේ චෝදනා ගොනුකර ඇති බැවින් සැකකරුවන්ට ඇප ලබානොදෙන ලෙස ද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිස සභාවේ නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේත්‍රාත්වරිය සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළා.

කෝට්ටේ මාදිවල ප්‍රදේශයේ පදිංචි චමින්ද තුෂාර වර්ණකුලසූරිය නමැති ව්‍යාපාරිකයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයන් දෙදෙනා මාදිවල ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මදුරුවා හිනාවෙවී ඊළඟ පරම්පරාව Fly කරවනවා - ඩෙංගු පරීක්ෂාවට ගිහින් නිලධාරින් දුන්න අමතක නොවෙන උපදෙස්
06:55
Video thumbnail
සිවිල් පිටින් ආ පොලිසිය මහ පාරේ කොල්ලෙකුට ප#රදීපු හැටි - බීලා ඇවිල්ලා?
03:32
Video thumbnail
මාලදිවයිනේ වෙසෙන ශ්‍රීලාංකිකයන් සතියක් පුරා දුන් දන්සැල් - ශ්‍රී ලාංකික‍යින් විශාල පිරිසක් එයි
02:31
Video thumbnail
සබරගමුව වෛද්‍ය පීඨය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
04:53
Video thumbnail
මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා - ලැබුණ වරම කඩ කරන්න එපා
07:29
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27