සුනඛයෙක් බේරන්න ගිහින් ළමයෙකුගේ ජීවිතය අහිමිවෙයි

අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ රාජාංගණය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ හලාවත, වැලිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 12ක පිරිමි ළමයෙක්.

අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සුනඛයෙකුගේ ගැටීමට වැළක්වීමට යාමේ දී ත්‍රිරෝද රථය පෙරළී ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් ළමයා බරපතල තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් රාජාංගණය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?