සුනඛයෙක් බේරන්න ගිහින් ළමයෙකුගේ ජීවිතය අහිමිවෙයි

අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ රාජාංගණය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ හලාවත, වැලිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 12ක පිරිමි ළමයෙක්.

අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සුනඛයෙකුගේ ගැටීමට වැළක්වීමට යාමේ දී ත්‍රිරෝද රථය පෙරළී ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් ළමයා බරපතල තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් රාජාංගණය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39