Saturday, January 4, 2025
Empty Ad
AFC Banner
AFC Banner

අඩු මිලට අරක්කු නිෂ්පාදනය රජයේ අරමුණයි – කර්මාන්ත අමාත්‍ය (වීඩියෝ)

අඩු මිලට රජයෙන් අරක්කු බෝතලයක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෙවණගල ලංකා සීනි සමාගමේ සේවකයින් සහ උක් ගොවීන් සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේවෙතත් මෙම උක් ගොවීන් සහ සේවකයින් සමග පැවති සාකච්ඡාව ආවරණය නොකරන ලෙසටයි කර්මාන්ත අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

පසුගිය රාජ්‍ය පාලනයේ දී බාල වර්ගයේ බඩ ඉරිඟු ගෙන ප්‍රමිතියෙන් තොර අහිතකර අරක්කු නිෂ්පාදනය කර ඇති බවත් මේ හේතුවෙන් සීනි නිපදවීමේ දී ලැබෙන අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව පවතින බව ද කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

බාල වර්ගයේ බඩ ඉරිඟුවලින් එතනෝල් ලීටරයක් නිෂ්පාදනයට වැයවන්නේ රුපියල් 03ක වැනි වියදමක් බවත් අරක්කු බෝතලයක් ජනතාවට ලබාදෙන්නේ රුපියල් 3800ක මිලකට බවත් අමාත්‍යවරයා චෝදනා කරනවා.

මේවා පානය කරන පාරිභෝගිකයින් මෙය නොදන්නා බවත් බඩ ඉරිඟුවලින් එතනෝල් නිපදවීම දැඩි ගැටලුවක් බවත් හෙතෙම අවධාරණය කරනවා.

ඒ නිසා රජයක් ලෙස නිසි ප්‍රමිතියකින් යුතුව එතනෝල්වලින් අරක්කු නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසුවේ.

මෙම ක්‍රියාවලිය අරක්කු ප්‍රවර්ධනයකට උත්සහා ගැනීමක් නොවන අතර නීතිවිරෝධී මත්පැන් භාවිත කිරීමට යොමු වූ අය ඉන් මුදා ගැනීම මෙහි අරමුණ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
3
+1
12
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොලේ නැති උන් සොයා පොලිස් පරීක්ෂණ - තරුණයෙක් අනතුරුදායක ලෙස අරන් යයි
02:35
Video thumbnail
දළඳා වඳින්න ගිය නව කතා නායක කියපු අමුතු කතාව
09:20
Video thumbnail
පොලිසියේත් ඇස් උඩ ගිය දඩ කොලය මෙන්න
07:06
Video thumbnail
ජෝසප් ස්ටාර්ලින් ෆයර් වෙයි - අගමැතිනියට ඕනි උත්සව වලට විතරයි
06:56
Video thumbnail
ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් ත්‍රීවිල්වල බුදු පිළිම ගැලෙව්වට ත්‍රීවිල් රියදුරන්ට තදවෙයි
11:26
Video thumbnail
අලි 100ක් විතර ගම්වැදිලා - මිනිස්සු කන කට්ටක්
01:39
Video thumbnail
ඇස් උඩ යන යතුරුපැදි අනතුර - සංවේදී අය නැරඹීමෙන් වලකින්න
02:19
Video thumbnail
මුජිබර් බැක් ෆයර් වෙයි - අන්තිමට මුජිබර්ටත් හිනා ගියපු කතාව
18:14
Video thumbnail
ලොව වටිනාම මැණික් තොගයක් අස්සෙන් මතුවුණ ජනපති අනුර
01:17
Video thumbnail
වලදාපු ඌරන් ගොඩ අරන් ආපහු විකුණන මාෆියාව ඇමති විජිතට මාට්ටු වෙයි
07:04

?