විදුලි සැර වැදී පෙදරේරුවන් තිදෙනෙක් මරුට (ඡායාරූප)

යකඩ පලංචියක් මත සිටි පෙදරේරුවන් සිව්දෙනෙකුට විදුලි සැර වැදීමෙන් සිදු වූ අනතුරකින් පෙදරේරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නොරචෝලේ පොලීසිය සඳහන් කළේ මෙම පෙදරේරුවන් සිව්දෙනා ඊයේ (29) පස්වරු 7.00ට පමණ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම – මන්නාරම පාර පදිංචිව වයස අවුරුදු 29,22 සහ 19 යන වයස්වල පසු වූ පෙදරේරුවන් තිදෙනෙක්.

නොරචෝලේ, මාම්පූරිය මංසන්ධියේ අලුතින් ඉදිකරන හෝටලයක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටිය දී මොවුන් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඉදිකිරීම් කටයුතු සඳහා යකඩ පලංචියක් මත සිටි සිව්දෙනාට එක්වරම විදුලිය සැර වැදී ඇති අතර, ඔවුන්ට විදුලිය සැර වැදී ඇත්තේ යකඩ පලංචියට විදුලිය කාන්දුවීමක් හේතුවෙන් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට ලක් වූ පෙදරේරුවන් සිව්දෙනා එම අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් තිදෙනෙක් මියගොස් ඇති බව සඳහන්.

අනෙක් පෙදරේරුවාගේ තත්ත්වය ද බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

නොරචෝලේ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

ELECTRIC SHOCK PO 6
ELECTRIC SHOCK PO 7
ELECTRIC SHOCK PO 1
ELECTRIC SHOCK PO 3
ELECTRIC SHOCK PO 4
ELECTRIC SHOCK PO 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
8
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01