දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එහි සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් හමා එනු ඇති.

එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං පැයට කිලෝමීටර් 20-30ක වගේ අගයක් ගත හැකි බව ද එහි දැක්වෙනවා.

බේරුවල සිට ගාල්ල සහ මාතර, හම්බන්තොට දක්වා සහ මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ අගයකින් ඉහළ යා හැකියි.

මේ අතර බේරුවල සිට ගාල්ල සහ මාතර සිට හම්බන්තොට දක්වා සහ මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56