ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය නාවික හමුදාව අතර පැවති මාණ්ඩලික සාකච්ඡාව සාර්ථකයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර 12 වන වරට පැවැත්වූ මාණ්ඩලික සාකච්ඡාව නවදිල්ලියේ දී සාර්ථකව අවසන් වුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ මෙම සාකච්ඡා වාරය (12th Navy to Navy Staff Talks – Indain Navy and Sri Lanka Navy) දෙසැම්බර් මස 18 වැනි දින සිට දින තුනක කාලයක් නවදිල්ලියේ දී පැවැත්වූ බවයි.

මෙම සාකච්ඡා වාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශ්වය සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදාවේ රියර් අද්මිරාල් Nirbhay Bapnaගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය නාවික හමුදා පාර්ශ්වය සහභාගී වුණා.

ඒ අනුව, මෙවර දොළොස් වන මාණ්ඩලික සාකච්ඡා වාරය ආරම්භ කරමින්, පසුගිය වසරේ (2023) පැවති දහ වන (10) මාණ්ඩලික සාකච්ඡා වාරයේ ප්‍රගතිය පිළිබඳ දෙපාර්ශ්වය අතර ප්‍රථමයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදු කෙරුණා.

ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාකච්ඡා මෙන් ම ඒකාබද්ධ සහ බහුපාර්ශ්වික නාවික අභ්‍යාස තුළින්; දෙරටේ නාවික හමුදා අතර සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම මෙන් ම, පුහුණු හුවමාරුව, තාක්‍ෂණික දැනුම හා තොරතුරු හුවමාරු වැඩසටහන් සිදු කිරීම ඇතුළු පුළුල් ක්‍ෂේත්‍රයක විෂයයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම ද සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක (Minister Counsellor) කොමදෝරු ඉන්දික ද සිල්වා, කපිතාන් (ඉංජිනේරු) දිනුක් බෝගහවත්ත සහ කොමාන්ඩර් අසන්ත වටගොඩ යන නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03