වැඩ තහනම් වූ ලංවිම සේවකයින් වරප්‍රසාද සහිත ව යළි සේවයට (වීඩියෝ)

පසුගිය රාජ්‍ය පාලන සමයේ දී වැඩ තහනමට ලක් වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් වරප්‍රසාද සහිත ව සේවයේ නැවත පිහිටුවා තිබෙනවා.

විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ පැවැත්වූ සේවක උද්ඝෝෂණයට සහභාගී වූ බවට පවසමින් වැඩ තහනම් කර මර්දනයට මෙම පිරිස ලක් කෙරුණා.

පසුව නව රජය යටතේ එම සේවකයින් 62 දෙදෙනකු යළි සේවයේ පිහිටවමින්; අහිමි වූ වරප්‍රසාද යළි ලබාදීම, දඬුවම් මාරු අවලංගු කිරීම ආදිය ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකින් මෙය සිදු කෙරුණු අතර එම ‍සේවකයෝ අද දින (24) ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ දී අමාත්‍යවරයා මුණගැසුණා.

අමාත්‍යවරයාගේ විදුලිබල මණ්ඩල මූලස්ථාන නිරීක්ෂණ චාරිකාවේ එක් අංගයක් ලෙස එම සේවකයින් පිරිස හමු වූ අතර එහිදී කරුණු දැක්වූ අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආයතනයට වැදගත් සම්පතක් කොට සලකන බවත් ආයතනය රැකගැනීම වෙනුවෙන් උද්ඝෝෂණය කළ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට ලැබීම සතුටක් බවත් ප්‍රකාශ කර සිටියා.

පසුගිය රජය රටේ දේපළ රිසි සේ විකුණා දැමීම පිණිස ගත් වැඩපිළිවෙළ් පරාජය කිරීමට ලැබීම මේ රටේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවත්; ජාතික ජනබලවේග නව රජය මේ රටේ ජාතික සම්පත් රැකගැනීම අරමුණු කරගත් රජයක් බවත්; ආයතනය රැකගනිමින් දියුණු කරගැනීමට කටයුතු කරන්නට සියලු දෙනා සාමූහිකව එක්ව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12