දෙමටගොඩ රුවන් ඉල්ලූ තම වාහන තුනේ අයිතිය ගැන අධිකරණයෙන් නියෝගයක්

නීතිවිරෝධී අන්දමින් උපයා ගත්තේ යැයි චෝදනා කරමින්; තමන් භාරයේ තිබියදී අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස මහාධිකරණයට ඉදිරිපත් කර ඇති රුපියල් කෝටි ගණනාවක් වටිනා සිය වාහන 03ක් තමන්ට යළි භාරදීමට නියෝගයක් නිකුත් කරන්නැයි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි කියන සිරිනායක පතිරන්නැහැලාගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිඳ හා ඔවුන්ගේ පුත්‍රයා කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (17) ප්‍රතික්ෂේප කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ මෙම විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් කර තිබූ එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය පෙර නඩු දිනයේ දී දක්වා තිබූ දැඩි විරෝධතාව පිළිගත් විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එම වාහන තම අධිකරණයට ඉදිරිපත් කර අත්තේ නඩු භාණ්ඩයක් ලෙස වන බැවින් තම අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නඩු භාණ්ඩයක් ලෙස වන බැවින් එකී වාහන මිල දී ගැනීමට අදාළ ලීසිං ගනුදෙනුවක් සම්බන්ධයෙන් වෙනත් අධිකරණයක් ලබා දී ඇති නියෝගයක් මෙම නඩුවට අදාළ කරගත නොහැක්කේ යැයි පෙන්වාදෙමින් විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළා.

අයථා ලෙස උපයාගත්තේ යැයි කියන මුදලින් මිල දී ගත්තේ යැයි කියන සුඛෝපභෝගී වාහන තුනක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරමින් නීතිපතිවරයා විසින් දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිඳ වන ශානික ලක්මිණී හා ඔවුන්ගේ පුත්‍රයා තරිඳු මධුශංක නමැති තිදෙනාට එරෙහිව එම නඩුව මහාධිකරණය හමුවේ පවරා තිබුණා.

විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් මහතාගේ උපදෙස් මත නීතිඥ කනිෂ්ක බස්නායක මහතා සමග නීතිඥ ලක්ෂිත විතානගේ මහතා පෙනී සිටියා.

එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන පෙබරවාරි මස 16 වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරුවරයා දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?