දෙමටගොඩ රුවන් ඉල්ලූ තම වාහන තුනේ අයිතිය ගැන අධිකරණයෙන් නියෝගයක්

නීතිවිරෝධී අන්දමින් උපයා ගත්තේ යැයි චෝදනා කරමින්; තමන් භාරයේ තිබියදී අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස මහාධිකරණයට ඉදිරිපත් කර ඇති රුපියල් කෝටි ගණනාවක් වටිනා සිය වාහන 03ක් තමන්ට යළි භාරදීමට නියෝගයක් නිකුත් කරන්නැයි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි කියන සිරිනායක පතිරන්නැහැලාගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිඳ හා ඔවුන්ගේ පුත්‍රයා කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (17) ප්‍රතික්ෂේප කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ මෙම විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් කර තිබූ එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය පෙර නඩු දිනයේ දී දක්වා තිබූ දැඩි විරෝධතාව පිළිගත් විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එම වාහන තම අධිකරණයට ඉදිරිපත් කර අත්තේ නඩු භාණ්ඩයක් ලෙස වන බැවින් තම අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නඩු භාණ්ඩයක් ලෙස වන බැවින් එකී වාහන මිල දී ගැනීමට අදාළ ලීසිං ගනුදෙනුවක් සම්බන්ධයෙන් වෙනත් අධිකරණයක් ලබා දී ඇති නියෝගයක් මෙම නඩුවට අදාළ කරගත නොහැක්කේ යැයි පෙන්වාදෙමින් විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළා.

අයථා ලෙස උපයාගත්තේ යැයි කියන මුදලින් මිල දී ගත්තේ යැයි කියන සුඛෝපභෝගී වාහන තුනක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරමින් නීතිපතිවරයා විසින් දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිඳ වන ශානික ලක්මිණී හා ඔවුන්ගේ පුත්‍රයා තරිඳු මධුශංක නමැති තිදෙනාට එරෙහිව එම නඩුව මහාධිකරණය හමුවේ පවරා තිබුණා.

විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් මහතාගේ උපදෙස් මත නීතිඥ කනිෂ්ක බස්නායක මහතා සමග නීතිඥ ලක්ෂිත විතානගේ මහතා පෙනී සිටියා.

එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන පෙබරවාරි මස 16 වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරුවරයා දින නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23