ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට සුරූපී කතුන් දෙදෙනෙක් අඩ නිරුවත්වෙයි

අඩ නිරුවත් වූ යුක්‍රේන ක්‍රියාකාරී තරුණියන් දෙදෙනෙක් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක නිරතව තිබෙනවා.

යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන රුසියාවට හා එක්සත් ජාතීන්ට විරෝධය පළ කරමින් ඔවුන් දෙදෙනා මෙලෙස අඩ නිරුවතින් මෙම විරෝධතාවයේ නියැලී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම තරුණියන් දෙදෙනා එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති “කැඩුණු පුටුව” ස්මාරකයට හානි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් දෙදෙනා විසින් අත් කියතක් සහ යාන්ත්‍රික කියතක් භාවිත කරමින් ස්මාරකය කපා දමා ඇති අතර, තවද තීන්ත වර්ග ස්ප්‍රේ කරමින් ඊට හානි සිදුකර තිබෙනවා.

මෙම ස්මාරකය බිම් බෝම්බ සහ පොකුරු බෝම්බවලට එරෙහි විරෝධය සංකේතවත් කරන ලෙස ඉදිකර ඇති අතර, රුසියානු හමුදාව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පොකුරු බෝම්බ සහ පුද්ගල නාශක බිම්බෝම්බ භාවිත කරන බවයි විරෝධතාවයේ නිරත තරුණියන් දෙදෙනා පවසා ඇත්තේ.

මේ අතර ස්මාරකයට හානි කිරීම සම්බන්ධයෙන් අදාළ තරුණියන් දෙදෙනා ජිනීවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40