කැණීම් කටයුතුවලට අදාළ මූල්‍ය ප්‍රතිපාදන දෙන ලෙසට අධිකරණයෙන් සිහිකැඳවීමක්

වරාය අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වටරවුම ආශ්‍රිතව තිබී හමු වූ මිනිස් ඇටසැකිලි ගොඩ ගැනීමේ සිද්ධියේ කැණීම් කටයුතුවලට අදාළ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය වෙත සිහිකැඳවීමක් යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (9) අධිකරණ රෙජිස්ටර්වරයාට නියෝග කළා.

එම කැණීම් කටයුතුවලට අදාළ මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලැබී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය වෙත සිහි කැඳවීමේ නියෝගයක් ලබාදෙන ලෙසට වරාය පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

එම කැණීම් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 19ක මුදලක් වැය වන බවට අදාළ ඇස්තමේන්තුවක් කැණීම් භාර නිලධාරීන් පෙර නඩු වාරයේ දී අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම මුදල් එම කැණීම් කටයුතු සඳහා ලබාදෙන ලෙසට ද අධිකරණය පෙර නඩු වාරයේ දී අධිකරණ අමාත්‍යාංශයට නියෝග කර තිබුණු බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එසේ නියෝගයක් ලබා දී තිබුණ ද එම මුදල් අදාළ කැණීම් කටයුතු සඳහා ලබා දී නොමැති බවට වරාය පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දුන්නා.

වරාය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කිරීමේදී එහි සේවකයින්ට මෙම මිනී ඇටකටු සහිත ස්ථානය ඉකුත් ජුනි මස 13 වෙනි දින හමු වී ඇති බවත් ඉන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවත් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48