මව්බිම දෙවැනි තැනට දමා ෂකීබ් ලංකාවට එන්න සැරසෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත එක්දින තරගාවලියෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් ඉවත්ව තිබෙනවා.

ඒ, අනුව ලබන 08න වනදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් ඔහු බංග්ලාදේශ කණ්ඩායම නියෝජන නොකරන බවයි වාර්තා වන්නේ.

එලෙස බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවත් වූ ඔහු ලංකා T10 ලීගය සඳහා එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර ආරක්‍ෂක හේතූන් මධ්‍යයේ තම මව්බිමේ දී සමුගැනීමේ ටෙස්ට් වරම් නොලැබුණු ෂකීබ් එළඹෙන චැම්පියන්ස් කුසලානය සඳහා තම රට නියෝජනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ෂකිබ්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් නොසතුට පළකර ඇති අතර, ෂකීබ්ගේ මානසික යහපැවැත්ම ගැන කනස්සල්ල පළ කළ ඇතැම් නිලධාරීන්, ඔහු මේ වන විට තම රට නියෝජනය කිරීමට සුදුසු තත්ත්වයේ නොසිටින බවයි පවසා ඇත්තේ.

ෂකීබ් දෙසැම්බර් 12 සිට 22 දක්වා ලංකා T10 ලීගයට සහභාගී වන අතර, එහිදී ඔහු ප්ලැටිනම් ක්‍රීඩකයෙකු ලෙස ගෝල් මාවල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40