ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟේ ගංවතුර තත්ත්වයක් – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට දැනුම්දීමක්

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව මහවැලි ගං ද්‍රෝණියේ දිඹුලාගල, හිඟුරක්ගොඩ, එච්චලම්පට්ටෙයි, කන්තලේ, කින්නියා, කොරලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලක්කමම් හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට මෙම අවදානම් තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එම ප්‍රදේශවල වෙසෙන ජනතාව අවදානයෙන් පසුවන ලෙසයි.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34