ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමිවෙයි

ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ (UNCITRAL) සාමාජිකයෙකු වීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; මෙම කොමිසම හා එක් වූ රාජ්‍යයන් 31ක් ඇති බවත් ඉන් එක් රාජ්‍යයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරේදා (20) දිනයේ දී සුදුසුකම් ලබා ගත් බවයි.

ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආසනයක් සඳහා තරග කළා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ඡන්ද 177 ක් හිමි වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම කණ්ඩායම තුළ දෙවැනි ඉහළතම මනාප සංඛ්‍යාව ද හිමි වූයේ ශ්‍රී ලංකාව වෙතයි.

ආසියා – පැසිෆික් සමූහයෙන් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය අනුගමනය කරන රාජ්‍යයන් තෝරාපත් කරගැනීමේ සටනින් ජයග්‍රහණය කළ සෙසු රාජ්‍යයන් වන්නේ; මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, වියට්නාමය, චීනය, ජපානය සහ කොරියානු ජනරජය යි.

ශ්‍රී ලංකාව 2025 ජනවාරි මාසයේ සිට වසර හයක කාලයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ජාත්‍යන්තර වෙළෙඳ නීති මණ්ඩලය සමග සේවය කරනු ඇති.

UNCITRAL, 1966 හි පිහිටුවනු ලැබූ අතර එහි මූලස්ථානය ඔස්ට්‍රියාවේ වියානා නුවර පිහිටා තිබෙනවා.

ජාත්‍යන්තරව පැන නගින වෙළෙඳ ආරවුල් විසඳීම සහ වෙළෙඳ නීති තීන්දු කිරීම මෙහි ප්‍රධාන කාර්‍යයභාරයයි.

ශ්‍රී ලංකාව මීට පෙර 2004 – 2007 සහ 2016 දී UNCITRAL හි සාමාජිකයෙකු ලෙස සේවය ක‍ර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10