රුහුණු සරසවියේ උපකුලපතිට එරෙහිව අන්තරේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක (වීඩියෝ)

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසිංහ මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (21) දහවල් විරෝධතාවක් පැවැත්වුවා.

ඒ බත්තරමුල්ල – ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදියි.

රුහුණ වනසන උන්මත්තක උපකුලපති සුජීව අමරසිංහ වහා ඉවත් කරනු !”, පාලනය පිළිබඳ විමර්ශනයට ස්වාධීන කොමිසමක් පත් කරනු !, අත්තනෝමතිකව ලබා දී ඇති ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, පන්ති තහනම් කිරීම්, නේවාසිකාගාර තහනම් කිරීම් හා උපාධි ප්‍රදානෝත්සවය තහනම් කිරීම් වහා ඉවත් කරනු !..” ආදි සටන් වැකි ලියූ විරෝධතා පුවරු රැගෙනයි ශිෂ්‍යයින් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ.

විරෝධතාවයෙන් අනතුරුව ශිෂ්‍යයන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් සඳහා එම ස්ථානයේ වාඩි වූ අතර අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු ඇතුළු 08 දෙනෙකු අමාත්‍යාංශයේ සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසිංහ මහතාගෙන් ඔහුට එරෙහිව එල්ල වන විරෝධතා සම්බන්ධයෙන් අදහස් විමසා සිටියා.

එහිදී රුහුණු සරසවියේ උපකුලපතිවරයා සඳහන් කළේ චෝදනාවක් තිබේ නම් එය වහාම ඔප්පු කර පෙන්විය යුතු බවත්; එය ඔප්පු නොවන තුරු කිසිම විටෙක තමන් ධුරයෙන් ඉල්ලා අස්නොවන බවයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක ශිෂ්‍යයින්, අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින් පෙරේදා (19) දින සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (21) තෙවැනි දිනටත් ක්‍රියාත්මක වුණා.

මේ වන විට වැඩවර්ජනයේ නිරත පිරිස මාතර – වැල්ලමඩමේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රය ඉදිරිපිට අට්ටාලයක් ද සකස් කොට ඒ මත නැග සත්‍යග්‍රහයක ද නිරත වනවා.

උපකුලපතිවරයා විසින් රුහුණු විශ්වවිද්‍යාලය තුළ ඒකාධිපති පාලනයක් ගෙන යන බවත්, එබැවින් ඔහු එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් විශ්වවිද්‍යාලය ඉදිරිපස කළු කොඩිවලින් සරසා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට සහ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට විශ්වවිද්‍යාල තුළ නිදහසක් නොමැති බව ද, විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩුවලට මුදල් ලබා නොදීම හා අත්තනෝමතිකව සිසුන්ට දඬුවම් ලබාදීම ආදි කරුණු කිහිපයක් මෙම විරෝධතාවට මුල් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22