පොරවත් රැගෙන ඡන්දය දාන්න ආ ආදිවාසීන්ට අකරතැබ්බයක් (වීඩියෝ)

ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ආපසු හැරී ආ පුවතක් අද (14) පෙරවරුවේ වාර්තා වුණා.

ආදිවාසී උප නායකය ඇතුළු පිරිස අද (14) පෙරවරුවේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගොස් තිබෙනවා.

එම අවස්ථවේ ඔවුන්ගේ සංස්කෘතියේ අනන්‍යතාවය වන පොරව කරමත තබාගෙන පැමිණීම හේතුවෙන් ඔවුන්ට ඡන්දය භාවිත කිරීමට එම ඡන්ද මධ්‍යස්ථානය භාර නිලධාරියා වසර ලබා දී නැහැ.

ඒ, හේතුවෙන් ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පිරිස ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටව ආපසු පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ ඔවුන්ගේ සංස්කෘතියේ අනන්‍යතාවය වන පොරව කරමත තබාගෙනයි.

එහිදී වන්නිලා ඇත්තන්ට කිසිඳු ගැටළුවකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර, ඉන්පසු ආදිවාසී පරපුරේ අනෙක් පිරිසට ද කිසිඳු ගැටළුවකින් තොරව පොරවත් රැගෙන පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

කෙසේ වෙතත් ආදිවාසී උප නායකයා ඇතුළු පිරිස මුහුණ දුන් ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වන්නිලා ඇත්තන් පැවසුවේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් හා ආදිවාසී සංස්කෘතිය පිළිබඳ නොදන්නා මෙවන් නිලධාරීන් මෙවැනි සංස්කෘතියක් පවතින ගම්වල ඡන්ද මධ්‍යස්ථානවල ඡජන්ද රාජකාරී යොමු කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26