Empty Ad
AFC Banner

පළමු විස්සයි විස්සෙන් සුපිරි ජයක් – තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

සංචාරක නවසීලන්තය සමඟ පැවති පළමු 20-20 තරගයෙන් සුපිරි ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (09) රාත්‍රියේ හැකියාව ලැබුණා.

නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය ජයගත්තේ කඩුලු හතරකින්.

‍රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහිදී නවසිලන්තයට පන්දුවාර 19යි පන්දු 03කදී සියලුදෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

අනතුරුව ලකුණු 136ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව; 19 වන පන්දුවාරයේ අවසන් පන්දුවට දුනිත් වෙල්ලාලගේ එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමඟ අදාළ ඉලක්කය පදුකර යමින් තරගය ජය ගත්තා.

ශ්‍රී ලංකා ජයග්‍රාහි ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස් කළා.

මෙම ජයග්‍රහණය නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව වාර්තා කළ 10 වන විස්සයි විස්ස තරග ජයග්‍රහණය වනවා.

මේ අතර ඊයේ ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 01ට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර ඊයේ පැවති තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 23ක් රැස්කළ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු රැසකළ පිතිකරු බවට පත් වුණා.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටි පිතිකරුවා බවට හිටපු ක්‍රීඩක තිලකරත්ත ඩිල්ෂාන් පත්ව සිටියේ ලකුණු 1889ක් රැස්කරගනිමින්.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන විස්සයි විස්ස තරගය අද (10) දඹුල්ලේ දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූකරයන් ගැන ඇහෙන බය හිතෙන කතාව මෙන්න
Video thumbnail
වේදිකාවේ බෙරිහන් දීපු විදිහට වැඩේ නොකරන මාලිමාවේ කට්ටිය
08:39
Video thumbnail
සජබයේ ජාතික ලැයිස්තුව ගැන මුජිබර් කට අරියි
16:16
Video thumbnail
ගෙවල් නැතුව බෑනේ - පාර්ලිමේන්තු ඇවිත් කොහෙද ඉන්නේ - ඇමති වසන්ත අපෙන් අහයි
09:19
Video thumbnail
පවතින කාලගුණය ගැන බය හිතෙන කතාව
06:44
Video thumbnail
වසන්ත සමරසිිංහගෙන් අලුත් වැඩපිිළිවෙලක් - මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරිමටත් පියවර
20:37
Video thumbnail
රාම රාවණා යුද්ධය වගේ අනුයි කනුයි චැරටි ලසාගෙයි යුද්ධය ඇරඹෙයි
27:51
Video thumbnail
ආණ්ඩුවේ ජල්තර වැඩක් අතේ මාට්ටු - පාර්ලිමේන්තුවේ පඩි සල්ලි එපාලු - මේවා රටේ මිනිස්සුන්ගේ බදු සල්ලිනේ
05:13
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට ? මාධ්‍ය හමුව උණුසුම් වෙයි
24:29
Video thumbnail
අසේල සම්පත්ට හොඳටම යකා වැහෙයි
15:41

?