රටටම සූකර උණ අවදානමක් – අති විශේෂ ගැසට්ටුවකුත් නිකුත් වෙයි

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය (PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එමෙන්ම සියලුම ඌරන් රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න කොතලාවල විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔක්තෝම්බර් මස 25 වනදා සිට මාස තුනකට නොඅඩු කාලයක් වලංගුවන පරිදි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුම් දෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?